කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව දඹුලු මව්වරුන් 11ක් පැමිණිලි කරයි

Share

දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකර පසු නැවත තමන්ට පිළිසිඳගැනීමක් සිදු නොවු බව පවසමින් කාන්තාවන් 11 දෙනකු  අද (29)  පෙරවරු වන විට දඹුල්ල පොලිසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේන බව වාර්තා වේ.

මෙම මව්වරුන් 2013 වසරේ සහ 2015 වසර දක්වා දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මව්වරු බව සඳහන් වේ.

මෙම මව්වරුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළ බවත් ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම සිදුකළ බවය.

මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිලිබඳව විවිධ වෛද්‍යවරුන්ට සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බවද මෙම මව්වරු පවසති.

ඇතැම් මවුවරුන් කියා ඇත්තේ අඹු සැමියන් අතර දරුවන් නොමැතිවීම නිසා ප්‍රශ්න ගැටලු ඇති වූ අවස්ථා රැසක් පැවතුණු බවයි.

මුහුණ පෙන්වීමට අකමැති වූ  මවක  කියා සිටියේ තම ස්වාමි පුරුෂයා සමඟ දරුවන් නොමැතිවීම පිළිබඳව දිගින් දිගටම ඇති වූ ගැටළු තත්ත්වයක් හේතුවෙන් තමන්ගේ සැමියා සිය ජීවිතය නැති කර ගැනීමට පවා උත්සාහ දැරූ බව ය.

මෙම සිද්ධියත් සමඟ තම සැමියා එය අවබෝධ කර ගැනීම විශේෂ කාරණාවක් බව ඇය හඬා වැටෙමින් පැවසීය.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්රීමරත්න මහතා කියා සිටියේ මේ වනවිට දඹුල්ල පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවය.

දඹුල්ල පොලිසිය  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක කේ .කේ .එස් . කෝදාගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි සටහන් කර ගනු ලැබීය.

Read more

Local News