කුරුණෑගල වෛද්‍යවරයා ගැන සොයන කමිටුව වැඩ අරඹයි

Share

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කළ සය පුද්ගල කමිටුව සිය විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ සිද්ධිය පිළිබද මුළික විමර්ශන වාර්තාවක් සතියක් තුළ එම කමිටුව විසින් ලබා දීමට නියමිත බවයි.

දැනට ගර්භනී තත්ත්වයේ සිටින මව්වරුන් මෙම සිද්ධිය පිළිබද අනිසි බියක් ඇති කර නොගත යුතු අතර සියලු රෝහල්වල ගර්භනී සායන සහ අනෙකුත් ප්‍රතිකාර කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රෝහල් බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව ලාල් පනාපිටිය මහතා සඳහන් කලේය.

Read more

Local News