මලාවි ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි

Share

මලාවි ජනාධිපති පීටර් මුතාරිකා දෙවැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේය.

කෙසේ වෙතත් විපක්ෂය මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දෙවැනි වරටත් මලාවි ජනාධිපති ධුරය සඳහා තේරීපත් වූ පීටර් මුතාරිකා සිය ධුරයේ දිවුරුම් දී ඇත.

ඒ වෙනුවෙන් මලාවිහි බ්ලන්ටයර් අගනුවර දැවැන්ත උත්සවයක් සංවිධානය කර තිබුණු අතර ඊට ආරාධිතයන් රැසක්ද එක්ව සිටියේය.

මලාවි මැතිවරණයේ ප්‍රතිඵල පසුගිය සති අන්තයේදී නිකුත්වීමට නියමිතව පැවැතියත්, අධිකරණ තීන්දුවක් අනුව එය කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවුණි.

මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි 147ක් ඉදිරිපත්ව තිබීම ඊට හේතුවයි.

කෙසේ නමුත් පසුගිය සඳුදා එම තහනම් නියෝගය ඉවත්කිරීමට අධිකරණය තීන්දු කිරීමත් සමඟ ජනාධිපති මුතාරිකාගේ ජය තහවුරු වූ අතර ඔහු දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවය.

පැවැති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ නායක ලසාරස් චක්වේරා ජය ලබනු ඇතැයි පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් අනාවරණය වූවත් සියයට 38.57ක් ලෙස ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් බලය තහවුරු කරගැනීමට හිටපු ජනාධිපති මුතාරිකා සමත්වීම විශේෂයි.

Read more

Local News