අමෙරිකාවට හා චීනය තවත් සටනක

Share

දෙරට අතර පවතින වෙළඳ අර්බුදය හේතුවෙන් අමෙරිකාවට ඛණිජ ලවණ අපනයනය සීමා කිරිමට චීනය තීරණය කර ඇත.

මෝටර් රථ කර්මානතය, විදුලි සුළං ටර්බයින නිෂ්පාදනය වැනි ඉහළ ආර්ථික වටිනාකමින් යුත් නිෂ්පාදන සදහා ඛණිජ ලවණ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස අමෙරිකාව භාවිතා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව පසුගිය වසරේ සිදු කළ භූ විද්‍යා සමීක්ෂණයක් මඟින් ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව සඳහා වැදගත් වන ඛණිජ ද්‍රව්‍යක් ලෙස මෙම  ඛණිජ ලවණ නම් කර තිබූ බව සඳහන්ය.

මෙම ඛණිජ ද්‍රව්‍ය දුර්ලභ බව පැවසුව ද අමෙරිකාව සිදු කළ භු විද්‍යා සමීක්ෂණයකදී මෙය පෘථිවි පෘෂ්ඨයේ බහුලව පිහිටා ඇති බව සොයා ගෙන ඇත.

නමුත් එම ද්‍රව්‍ය චීනය තුළ සියයට 70ක් පමණ පිහිටා ඇති අතර මියන්මාරය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ වෙනත් රටවල් කිහිපය සුළු වශයෙන් පිහිටා ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

Read more

Local News