අසත්‍ය ප්‍රචාර වළක්වා ගන්න එකතුවෙන්න

Share

පාස්කු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රට තුළ සිදුවන අසත්‍ය ප්‍රචාර වළක්වා ගැනීම සඳහා පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතු බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසා සිටියි.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් සමාජය බිය ගන්වමින් සමාජය තැති ගන්නා ආකාරයේ සිදුවීම් සිදු කරමින් පවතින අතර විශේෂයෙන් පාසල්වල සැලසුම්සහගත ලෙස බිය වැද්දීම් ඇතිකිරීමට පසුගිය දිනවල ඇතැම් පිරිස් උත්සාහ ගත් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

එනිසා රටක් ලෙස පක්ෂ පාඨ භේදයකින් තොරව මෙම කටයුතුවලට විරුද්ධව කටයුතු කළ යුතු බවත් ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read more

Local News