වාසුට තියෙන ප්‍රශ්නයක්

Share

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරිමට පත් කළ තේරීම් කාරක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පත් කිරීම සදාචාර සම්පන්න නොවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (29) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පල කළේය.

ඉබ්‍රාහිම් නැමැති පුද්ගලයා අප්‍රේල් විසි එක ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙක් බවට පත් වී තිබියදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් විශේෂ කාරක සභාවේ සිටින්නේ කෙසේද යන්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට, මුදල් වියදම් කර මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ මෙහෙයුමක් දියත් වෙමින් පවතින බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ නිරෝශන් පෙරේරා මන්ත්‍රීවරයා පමණක් ඔහුගේ අදහස වෙනස් නොකර සිටින බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read more

Local News