කුවේට් යන ශ්‍රමිකයින් සඳහා රක්ෂණ ක්‍රමයක්

Share

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා ජූනි 03 දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී දි ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් (Self) කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සඳහා යන ශ්‍රමිකයින් සදහා අනිවාර්ය වේ.

සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් Gulf Insurance and Reinsurance (GIRI) රක්ෂණ සමාගමෙන් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය.

මෙමඟින් කුවේට් රටේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ශ්‍රමිකයින් රැකියාව සඳහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර, විදේශ රැකියාවට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමඟ මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.

මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියළුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවයි.

Read more

Local News