විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළට

Share

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තු හෙට සිට ඉහළ දැමීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ සාමාන්‍ය සේවය සඳහා මීට පෙර අයකල රුපියල් 3,000 ක මුදල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බවයි.

ඒ අනුව සංශෝධිත නව ගාස්තුව රුපියල් 3,500 ක් වනු ඇත.

සාමාන්‍ය සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 3 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා මීට පෙර අයකල ගාස්තුව රුපියල් 500 කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව  සංශෝධිත ගාස්තුව රුපියල් 2,500 ක් වනු ඇත.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ එක්දින සේවය සදහා මීට පෙර අය කළ රුපියල් 10,000 ක ගාස්තුව හෙට සිට රුපියල් 15,000 ක් වේ.

එක්දින සේවාව යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 3 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සදහා මීට පෙර අයකල ගාස්තුව රුපියල් 5000 ක් වන අතර, නව ගාස්තුව රුපියල් 7500 ක් දක්වා රුපියල් 2,500 කින් ඉහළ දමා තිබේ.

මීට අමතරව විදේශ ගමන් බලපත්‍රයේ වෙනස්කම් සිදුකිරීම සදහා එක් වෙනස්කමකට මීට පෙර අයකළ රුපියල් 500 ක මුදල රුපියල් 1000 ක් දක්වා ඉහළ දමා ඇත.

Read more

Local News