ලෝක කුසලානයේ පළමු තරගයේ ජය එංගලන්තයට

Share

දකුණු අප්‍රිකාව ලකුණු 104 කින් පරදවමින් සත්කාරක එංගලන්තය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජයග්‍රහණය කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 207 ක් පමණි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග 48 ක්, කණ්ඩායම් 10 ක්, එකම එක කුසලානයක් වෙනුවෙන් තරග වදී.

එහි පළමු තරගය නැරඹීම සඳහා අතිවිශාල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයට එක්ව සිටියහ.

කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ජේසන් රෝයි, ජෝ රූට්, බෙන් ස්ටොක්ස් සහ නායක ඔයින් මෝගන් අර්ධ ශතක වාර්තා කළ අතර
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ටොක්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 89 කි.

එංගලන්ත ඉනිම ආරම්භ කළේ ජේසන් රෝයි සමඟින් ජොනී බෙයාර්ස්ටෝව්.

ලුන්ගි න්ගිඩි ලකුණු 66 ට කඩුලු 3 ක් ලබා ගත්තේ ය.

එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් රැස් කළේ ය.

ක්වයින්ටන් ඩී කොක් සමඟින් හෂීම් අම්ලා පිළිතුරු ඉනිම ආරම්භ කළහ.

පන්දුව හිස් ආවරණයේ වැදීම හේතුවෙන්, හෂීම් අම්ලාට පිටියෙන් ඉවත්වීමට සිදු විය.

ක්වයින්ටන් ඩී කොක් සහ රැසී වැන්ඩර් ඩූසන් අර්ධ ශතක වාර්තා කළේ ය.

කුමාර් ධර්මසේන මහතා මෙම තරගයේ විනිසුරුවරයෙකි.

Read more

Local News