වෛද්‍ය සාෆිට එරෙහිව දඹුල්ලේ විරෝධතා (ඡායාරූප)

Share

කුරුණෑගල රෝහලේ සහ දඹුල්ල රෝහලේ සේවය කරන කාලයේ  සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු ව මව්වරුන්ට දරුවන් පිළිසිඳ ගැනීමේ අවස්ථාව අහිමි කළේ යැයි චෝදනා එල්ල වී ඇති වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහාතට විරෝධය ප්‍රකාශ කරමින් දඹුල්ල නගරයේ අද (31)  කඩසාප්පු වසා දමා ජනතාව දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

දඔුලු උරුමය සුරැකීමේ සංවිධානය සහ ස්වේච්ඡා සංවිධාන ප්‍රදේශවාසින් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

දඹුල්ල රෝහලේ මේ වන විටත් ඉතා සූක්ෂම ලෙස උපත් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද එම විරෝධතා කරුවෝ  මෙහිදී දැඩි ලෙස අවධාරණය කිරීම විශේෂත්වයකි.

රජයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාට ද දැඩි විරෝධය ප්‍රකාශ කරමින් වෛද්‍යවරයාට අන්තවාදය පතුරන දේශපාලනඥයන්ට මෙන්ම දඹුල්ලේ  වෙළඳ ව්‍යාපාර ලබාදී ඇති පුද්ගලයන්ට එරෙහිව විරෝධතාකරුවෝ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

 

Read more

Local News