රාජිතටත් විශ්වාසභංගයක් ?

Share

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන සියලුදෙනාගේ වත්කම් බැරකම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (31) කෙළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ චෝදනා එල්ල වෙන බොහෝ දෙනෙකුගේ වත්කම් බැරකම් මැතිවරණ කොමාසාරිස්වරයා ළඟ තිබේන බවයි.

තේරීම් කාරක සභාවක් පත් කරමින් සිදු කරන්නේ කල් මැරීමක් බවද ඔහු පවසයි.

මේ වනවිට පොලීසිය මඟින් රිෂාඩ් බදියුදින් ඇමාත්‍යවරයාගේ ප්‍රශ්න කර අධිකරණයට කරුණු වාර්තා කළ යුතු බවත්  එවැනි ක්‍රියාදාමයකින් පමණක් සැකසහිත කාරණයක් තිබේ නම් රැදවුම් නියෝගයක්, බැංකු ගිණුම් විමර්ශනය කිරීමේ නියෝගයක් ගැනීමේ හැකියාව පවතින බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

අසාමාන්‍ය ලෙස මුදල් ඇති සියලු බැංකු ගිණුම් අත් හිටුවන ලෙසට මහ බැංකු අධිපතිවරයා සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදි පැවසීය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේ ඊළඟ විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ අමාත්‍ය රාජිත සේනාරත් මහතාට බවයි.

එමෙන්ම වර්තමානයේ පන්සල් පල්ලිවල පිරිසක් ආගමික වතාවත් සිදු කරද්දි තවත් පිරිසක් පිටත සිට එම පිරිස ආරක්ෂා කරමින් සිටින තත්ත්වයකට රට පත් වී ඇති පබවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Read more

Local News