ආචාර්ය ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණෝ මන්නාරම රදගුරු පදවියට

Share

මන්නාරම පදවියේ රදගුරු හිමියන් වශයෙන් අති උතුම් ආචාර්ය ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු හිමිපාණන් අති උතුම් ප්‍රැන්සිස් සුද්ධෝත්තම පියාණන් විසින් පත් කරනු ලැබ ඇත.

මන්නාරම පදවි රදගුරැ හිමියන් වශයෙන් කටයුතු කළ අති උතුම් ජෝශප් කිංග්ස්ලි ස්වාමිපිල්ලෙයි පියතුමන් පසුගිය දින එම ධුරයෙන් විශ්‍රාම ලැබීම නිසා ඇති වු පුරප්පාඩුව පිරවිම පිණිස මෙම නව පත්වීම සිදු කර ඇත.

1948 මැයි මස 10 වන දින යාපනය ප්‍රදේශයේ දි උපත ලබා ඇති එම්මානුවෙල් ප්‍රනාන්දු හිමියන් පසුව පුජකවරය ලැබීමට අවැසි පුහුණුව ලැබීමෙන් පසු හය වන පාවුළු සුද්ධෝත්තම පියතුමා අතින් වතිකානු නුවර දී පුජකවරම් ලබා ගත්හ. එදින උන්වහන්සේ සමඟ රටවල් 9කින් පැමිණ සිටි 38දෙනෙකු පුජක වරම් ලබා ගත්හ. එම්මානුාවල් ප්‍රනාන්දු හිමිපාණන් දිවයිනේ විවිධ ප්‍රදේශවන්හි පුජකවරයකුව රාජකාරි කර ඇති අතර උන්හවන්සේ මහනුවර අම්පිටියට ජාතික දෙව්සත්හලේ අධ්‍යක්ෂ පියතමා ලෙසින් කටයුතු කර ඇත.

Read more

Local News