‍ISIS ත්‍රස්තවාදින් මැඩලන්න ඇෆ්ගනිස්ථානයෙන් දැනුම ගන්නවා

Share

මුස්ලිම් අමාත්‍යවරුන්ට එරෙහිව ඇති චෝදනා විමර්ෂණය කිරීමට අදාල නිවැරදි සාක්ෂි ලබා දෙන ලෙසට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ(03) පස්වරුවේ අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇෆ්ගනිස්ථාන තානාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ සාකච්ඡාවේ විස්තර ද මනෝ ගනේෂන් මහතා මෙහිදී කියා සිටියේය.

මේ වන විට අපේ රටත් බෝම්බ ප්‍රහාරයෙන් පසුව පවතින රටක් ලෙස ඇෆ්ගනිස්ථාන තානාධිපතිවරයා විසින් ඔවුන්ගේ පිරිසක් මෙරටට පැමිණ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පැවසීය.

ජාතික සංහිඳියාව, සහජීවනය, කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳ දැන ගැනීමට අපිත් සමඟ එකතු වී කැමැත්තෙන් ඇතිව තිබෙන බවද කියා සිටියේය.

වහාබි දේශපාලනය වටන්න පුළුවන් කෙසේ ද යන්න පිළිබඳව දැනුම ලබා දීමට සුදානම් බව ද පැවසු අමාත්‍යවරයා, එම රටේ ධූතයින් පිරිසක් මෙරටට ගෙන්වා ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමට සුදානම් බව ද පැවසීය.

මේ අතර, ‍ISIS ත්‍රස්ථයින් වැට්ටීමට ඇෆ්ගනිස්ථානයෙන් දැනුම ලබා ගැනීමට ද තමා සුදානම් බව මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News