පොසොන් දන්සැල්-තොරණ පැවැත්වීමට ආරක්ෂාව ලබා දෙන්න – අගමැති උපදෙස්

Share

පොසොන් උත්සවය වෙනුවෙන් දන්සැල් තොරණ ආදිය පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

වෙසක් උත්සවය බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පැවැත්වුවද ආමිස පූජා පැවැත්වීමට නොහැකි වීම නිසා පොසොන් උත්සවය එම අවස්ථාවන් දෙකම ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් හි සඳහන්වේ.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පොරේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා වෙත අගමැතිවරයා ඉහත දැනුම් දීම කර තිබේ.

රටක් ජාතියක් ලෙස ත්‍රස්තවාදයට බිය නොවන බව පෙන්විය යුතු බවත් එම නිසා පොසොන් උත්සවය ඉහළින්ම සැමරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් අගමැතිවරයා දුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන් වේ.

Read more

Local News