කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි. හෙට පෙරවරු 08.00 සිට අනිද්දා අළුයම 02.00ක දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවයි.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශිය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News