මුහුදු ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්

Share

මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා මුහුදු ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට මීගමුව පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන අරඹා ඇත.

අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 52ක් වු වැල්ලවීදිය මීගමුව ප්‍රදේශයේ පදිංචි සිරිමල් නැමැති අයෙක් බව පොලීසිය පවසයි.

එම පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ රුවල් ඔරුවකින් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති අතර ගොඩබිම සිට කිලෝ මීටර් 2ක් පමණ මුහුද දෙසට ගිය පසු ඔරුව පෙරළී ගිය බවත් එහිදී එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් අනාවරණය වී ඇත.

අතුරුදන් වු පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Read more

Local News