කිරිඇල්ලගේ කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනාට ඇප

Share

ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ හා රාජ්‍ය විරෝධි, ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වචන ඇතුළත් ලිපි සමඟ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැර තිබේ.

අදාළ නඩුව අද(18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යාංශයේ සේවකයින් වන මොවුන් තිදෙනා අදාළ ලිපි 639ක තොගයක් සමඟ පසුගිය මැයි මස 02 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

Read more

Local News