ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු 27 වෙනිදා

Share

අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්න කලා ශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා සිදු කිරීමට නියමිතයි.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.

ඉන්ද්‍රානි විජේබණ්ඩාර සේනාරත්න කලා ශිල්පිනිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(23) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණි.

මිය යන විට 83 වැනි වියේ පසුවූ ඇය ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාව වූ අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.

1936 වසරේ ජූලි 15වන දින බොරැල්ලේදී උපත ලැබූ ඇය ගුවන් විදුලියේ ළමා පිටියෙන් සිය ගායන දිවිය ආරම්භ කළේය.

රේඛාව, ප්‍රවේශම්වන්න, හඳපාන, සුදුසඳේ කළුවලා ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වු ඇය ගුවන් විදුලියේ  ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක්  ලෙසද ගීත රැසක් සංගීත කේෂ්ත්‍රයට දයාද කර තිබේ.

ඇය ගැයු ගීත අතර රතුපාට මල් , වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, යන ගීත රසිකයින් අතර මහත් ජනාදරයට පත් ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබුවේය.

අභාවප්‍රාප්ත ඉන්ද්‍රානි සේනාරත්න කලා ශිල්පිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News