2015 ජනපති බයිසිකලයේ සීට් එකේ – අගමැති බයිසිකල් පොල්ලේ ගියා

Share

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එක්සත් ජාතික පක්ෂය ජනපතිගේ බලතල හොර රහසේ කප්පාදු කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

“කථානායක අත්සන් කළ දින සිට බලාත්මකයි. ඒකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය. අගෝස්තු 17 න් පසුව ජනපතිට පස් අවුරුද්දක්.

බරපතළ ව්‍යවස්ථා ප්‍රශ්නයක්. ජනපතිගේ ධූරකාලය අවසන් වෙන්නේ. 2020 අගෝස්තු මාසයෙන් පසුව කියලා“

මාධ්‍යවේදියා :- ආපසු සුප්‍රීම්කෝට් එකට යන්නේ නැත්තේ ඇයි?

දයාසිරි ජයසේකර මහතා:- සුප්‍රීම්කෝට් ගියාම කියනවා. ජනපති වැඩි කාලයක් ඉල්ලන්න හදන්නේ. ඇත්තටම ජනපතිට තියෙන්නේ අවුරුදු හතරහමාරක්.

මාධ්‍යවේදියා :-  ඒ වෙලාවේ ජනපතිතුමා මේ උගුල දැනගෙන හිටියේ නැද්ද?

දයාසිරි ජයසේකර මහතා:-  එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයක් නෙවෙයි ජනමත විචාරණයකට යායුතුව ඇති කාරණා. ජනපතිගේ බලතල අවම කිරීම ගැන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හොරෙන් දාලා
රෑ 12 ට ඡන්දය ගත්තේ. එ.ජා.ප.ය  ව්‍යවස්ථාව වෙනස් කළ හැටි දන්නවානේ

මාධ්‍යවේදියා :- ඇමෙන්ඩ් කරන්න කාලයක් නෑනේ ලේකම්තුමා?

දයාසිරි ජයසේකර මහතා:- අගමැති ඇමෙන්ඩ් කරන්න දෙන්නේ නැහැ. එයාලට ඕනේ මේක පටලව ගන්න. ඒකනේ කියන්නේ නායකයෝ දෙන්නෙක්ට. රට පාලනය කරන්න බැහැ කියලා

ජනපති බලයට ගෙනවිත් තටු කපලා. තමන්ට බලය ගන්න හැදුව. කූට උපක්‍රමයක් 19 වැනි සංශෝධනය. රනිල්ට ජනපතිවෙන්න රටේ ඡන්ද ගන්න බැහැ. 2010 ෆොන්සේකා බයිසිකල් සීට් එකේ තියාගෙන. අගමැති බයිසිකල් පොල්ලේ ගියා

2015 ජනපති බයිසිකලයේ සීට් එකේ. අගමැති බයිසිකල් පොල්ලේ ගියා. දැන් ජනපති බයිසිකල් පොල්ලේ තියලා. අගමැති බයිසිකලයේ සීට් එකට නැග්ගා . බයිසිකලයේ පැද්දට චේන් එක පනිනවා

තනියම පැදගන්න අමාරුයි. රනිල් සීට් එකේ ඉන්න බස් එකකටවත්. කවුරුත් රිංගන්නේ නැහැ.“

Read more

Local News