මැතිවරණ කල් දාන්න මැතිවරණ කොමිසම කැමති නෑ

Share

ඕනෑම අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාව සූදානමින් සිටින බව එම කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

සභාපතිවරයා පැවසුවේ කිසිඳු අයුරකින් මැතිවරණ කල් දැමීමට මැතිවරණ කොමිසම එකග නොවන බවයි.

වර්ථමානයේ සමාජයේ මාතෘකාව වී ඇත්තේ පළාත් සභා ඡන්දය පැවැත් වීම සහ ජනාධිපතිවරණය පැවත්වීම බවද ඒ මහතා පවසයි.

නමුත් මැතිවරණය කොමිෂන් සභාව පෙනි සිටින්නේ මේ වන විටත් පැවැත්වීම කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට බවද ඒ මහතා අවධාරණ කළේය.

කෙසේ වෙතත් යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඒ සඳහා ඔනෑම වෙලාවක කටයුතු කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News