විශේෂ කාරක සභාව හමුවේ බදියුදීන් කියූ දේ

Share

මුස්ලිම් ආගමේ කුරානය තුළ කිසිදු තැනක මරාගෙන මැරෙන ප්‍රහාරයන් අනුමත කර නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එක් ජීවිතයක් මරනවා යනු මුළු මහත් සමාජයම මරණවා යනු බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, තමා මරාගෙන මැරෙන සංකල්පය ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.

මේ සංකල්පය සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, සියලු දෙනා ජාති භේදයෙන් එකතු වී මෙය සිදු කල යුතු බව ද පැවසීය.

මේ අතර, අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රශ්න කර සිටියේ, හිටපු අමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් තුළින් එල්ල වී ඇති චෝදනාවලින් සතොස වැනි ආයතනවල රථ වාහන පරිහරණය කරමින් ත්‍රස්තක්‍රියාවලට සහය වු බව පවසා ඇති බවයි.

එහිදී පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, තමා සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් වෛරයෙන් යුතුව කටයුතු කරන බවත් ඔවුන් විවිධ චෝදනා කරමින් තමා අපහසුතාවයට පත් කරන බවත්ය.

එස්.බී.දිසානායක මහතා හා විමල් වීරවංශ මහත්වරුන් මාධ්‍ය තමාට අපහස කලද කිසිවිටෙකත් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් නොකල බව ද සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, දේශප්‍රේමීන් ලෙස කථා කරන මන්ත්‍රීවරු ඒ වෙනුවෙන් ක්‍රියා නොකල බව ද පැවසීය.

තමා කිසිවිටෙකත් වැරදි වැඩවලට උපදෙස් ලබා නොදෙන බවත් පැවසු හිටපු අමාත්‍යවරයා, සතොස වාහන ත්‍රස්ත ක්‍රියාසඳහා යොදා ගත්තැයි පැවසීම බරපතළ චෝදනාවක් බවද පැවසීය.

Read more

Local News