යුරෝපා රටවලට දැඩි උණුසුම් කාලගුණයක්

Share

යුරෝපානු රටවලට මේ දිනවල දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුලු බටහිර යුරෝපානු රටවල වැසියන් දැඩි සේ පීඩාවට පත්ව සිටියි.

දරාගත නොහැකි උණුසුමෙන් ආරක්ෂා වීමට නම් එලිමහන් ස්ථාන මගහරිමින් හැකිතරම් කාලයක් නිවාස හා ආවරණය වූ ස්ථානවල රැදී සිටින ලෙස බලධාරීන් මහජනතාව වෙත දැනුම් දි තිබේ.

සෙල්සියස් අංශක 45 ඉක්ම වූ වාර්තාගත උණුසුම හේතුවෙන් දකුණුදිග ප්‍රංශයේ පරිපාලන කලාප හතරකට උෂ්ණත්වය සම්බන්ධ රතු අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එහි වැඩිම බලපෑම මතුව ඇත්තේ ඓතිහාසික නගරයක් වන ප්‍රංශයේ නිම්ස් නගරයටයි. මේ හේතුවෙන් ප්‍රංශයේ නිම්ස්හි ප්‍රාථමික පාසල් ද ඇතුලුව පාසල් 4000ක පමණ සංඛ්‍යාවක් තාවකාලිකව වසා දමන බවට ප්‍රංශ අගමැතිවරයා පසුගියදා නිවේදනය කළේය.

මේ අතර පවතින අධික උණුසුම් කාලගුණය සමඟින් ප්‍රංශයේ දකුණුදිග ගොවිබිම් රැසක් ගින්නට හසුව විනාශ වී යමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙවර ලෝක කාලගුණ සංවිධාන වාර්තාවට අනුව ලොව එතෙක් මෙතෙක් උණුසුමින් වැඩිම වසර ලෙස 2019 වර්ෂය නම් කෙරුණි.

Read more

Local News