දුම්රියක ගැටී මවක් හා දියණියකට බරපතල තුවාල

Share

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටි මවක් සහ දියණියක් බරපතළ ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

අද(02) පෙරවරු 10.30 පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය සංඥා පද්ධතිය අසල බව අප වාර්තාකරු පැවසීය.

දුම්රියේ ගැටී බරපතළ ලෙස තුවාල ලැබු දෙදෙනාගේ පදිංචිය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර මව 27 හැවිරිදි රාමනාදන් දනුශා නැමති කාන්තාවකි. මේ අතර අදාළ අනතුරින් තුවාල ලබා අත්තේ ඇගේ දියණියයි.

නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ පොඩි මැණිකේ දුම්රිය ඉතා සෙමින් ධාවනය වු බවත්, දුම්රිය මාර්ගයේ මැද දුම්රියේ ගැටුණු කාන්තාව සිය දැරියද අතැතිව සිටගෙන සිටි බවත්, දුම්රියේ ගැටුණු මව සහ දියණිය දුම්රිය එන්ජිමේ ගැටී දුම්රිය මාර්ගයෙන් ඉවතට විසි වී තුවාල ලැබු බව පොඩි මැණිකේ දුම්රියේ රියදුරා විසින් නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දැනුම් දි ඇත.

අනතුරෙන් තුවාල ලැබු දෙදෙනාම මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News