හැම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ පුතා රජෙක් කරන්න

Share

විභාග මෙන්ම ජීවිතයද ජයගැනීමට දෙමාපියන් දරුවන්ට මඟ පෙන්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ(03) පස්වරුවේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කෞතුකාගාර පරිශ්‍රයේ දි සංස්කෘතික උත්සවයක් පැවැත් විය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, අධ්‍යාපනය හා දැනුම සමඟ තරගකාරීව විභාග සමත් වනවා සේම ජිවිතය ජය ගැනීමට ද දරුවන් දැන සිටිය යුතු බවයි.

විශේෂයෙන් අද වන විට විභාග සමත් වන දරුවන්ය ජීවත් වන්න පාර කියා දෙන්නේ කෙසේ ද යන්න සිතා බැලිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා පාසලේ ගුරුවරුන්ට දරුවාගේ සියලු දේ නිර්මාණය කිරීමට නොහැකි බවත් පැවසීය.

බාහිර සමාජය සමඟ ගැටෙන විට ඒවාට මුහුණ දෙන ආකාරය ළමුන් දැන සිටිය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, දරුවෙක් ඉදිරියට ගෙන විශිෂ්ඨයෙක් කරන්නේ කෙසේ ද යන්න සිතා බැලිය යුතු බව ද කියා සිටියේය.

හැම අම්මා කෙනෙක්ම කැමති තමන්ගේ පුතා රජෙක් කරන්න බවත් පැවසු ජනාධිපතියරා, සෑම අම්මා කෙනෙක්ම උත්සහ ගන්නේ සමාජයේ වටිනා පුරවැසියෙක් බවට තම දරුවා පත් කිරීම බව ද පැවසීය.

Read more

Local News