ශ්‍රී ලාංකේය රංග මණ්ඩපය දශත්‍රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්‍රන්ථය “සුප්පා දේවි කතා වස්තුව” එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 11 වැනි දින පස්වරු 3.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
ආචාර්ය ගුණදාස අමරසේකර මුලසුන හොබවන මෙහිදී සංක්‍ෂිප්ත දේශනය “සරච්චන්ද්‍ර සදාශ්‍ර ආවර්ජනා” මැයෙන් ආචාර්ය සරත් අමුණුගම විසින් ද, මුඛ්‍ය දේශනය “මාලිනී රණසිංහ රංග විලාස වෛචිත්‍ර්‍යය” මැයෙන් ජැක්සන් ඇන්තනී ද පවත්වනු ලබයි.
“සිංහබාහු” නාට්‍යයේ ජවනිකා කිහිපයක නර්තනාංග ඉදිරිපත් කරන මෙම උත්සවය බන්දුල නානායක්කාරවසම් මෙහෙයවනු ලබයි.
පුරා 31ක් වසරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” නාට්‍යයේ සුප්පා දේවි චරිතය කරමින් ගිනස් වාර්තා පොතටද ගිය මාලිනී රණසිංහ මෙම උත්සවය වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණ සිටින්නීය.
මෙවර ඇයගේ දියණිය වන ඕස්ටේ්‍ලියාවේ පදිංචි වෛද්‍යවරියක හා ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කාංචනමාලා රණසිංහ මෙරටදී “සුප්පා දේවි” චරිතය රඟපාමින් ලාංකීය කරළියට එක්වීම විශේෂත්වයකි.
ඇයගේ පියාණන් වූ ටෙරන්ස් රණසිංහ ද “සිංහබාහු” නාට්‍යයේ පොතේ ගුරු චරිතය වසර 31ක් පුරා රඟපාමින් ගිනස් වාර්තා පොතටද එක් වූ ශිල්පියෙකි.