පළාත් සභා මැතිවරණය හොරු අරන් ගිහිල්ලද ?

Share

ජනාධිපතිවරණයක් පැවැත්වුවද මෙම වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ජනාධිපතිවරයා සතුව පවතින බව සභාපතිවරයා සඳහන් කළේය.

කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙම අදහස් පළ කළේය.

පළාත් සභා ඡන්ද විමසීම ද ජනාධිපතිවරණය ද කලින් පවත්වන්නේ යන ගැටළුව මේ වන විට උද්ගත වී ඇතැයි  ද පැවසු සභාපතිවරයා, පළාත් සභා මැතිවරණය පෙර පැවැත් වීමෙන් එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණයට බාධාවක් වේවි දැයි මේ වන විට පැන නැගී ඇති තවත් ගැටළුවක් බව සඳහන් කළේය.

දේශපාලඥයින්, මාධ්‍යවේදීන් හා පොදු ජනතාව අතර ද මෙය ප්‍රශ්න වී ඇතැයි පැවසු මහින්ද දේශප්‍රිය මහතා, එවැනි කිසිදු ගැටළුවක් නොමැති බවත් පළාත් සභා මැතිවරණය කලින් පැවැත්විය යුතුයි යන මතයේ පෙර සිටිය බව ද කියා සිටියේය.

අවසාන අවස්ථාවේ දී වුනත් මැතිවරණ කොමිසන් සභාව පෙනි සිටින්නේ පළාත් සභා මැතිවරණය කලින් තියන්න ඕන යන මතයේ බව ද සඳහන් කර සිටි සභාපතිවරයා, එය කලින් පැවැත්වීම ජනාධිපතිවරණයට බාධාවක් නොවන බව ද අවධාරණය කළේය.

මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ එනම් නොවැම්බර් මස 10 වෙනිදා ත් දෙසැම්බර් මස 8 වෙනිදාත් අතර, පැවැත් වීමට සම්පූර්ණ වෙර දරා කටයුතු කරන බව ද සභාපතිවරයා මෙහිදී පැවසීය.

“හොරුන් අරන් ගොස් ඇති“ පළාත් සභා ඡන්ද විමසීම ලබා ගැනීමට මැතිවරණ කොමිසන් සභාව බලාපොරොත්තු වන බව ද පැවසු මහින්ද දේශප්‍රිය මහතා, ඕනෑම වතාවරණයක් තුළ මැතිවරණ කොමිසමේ උපදෙස් මත ඡන්දය පැවැත් වීමට අවශ්‍ය පසුබිම සකසා දීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News