දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Share

හසලක පොලිස් වසමේ හසලක හෙට්ටිපොල මාර්ගයේ 13 ඇල උල්පතගම වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී බරපතළ තත්ත්වයෙන් හසලක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

පාසල් ළමුන් පිරිසකගෙන් එක් සිසුවෙකු මෙසේ දියේ ගිලී මියගොස් තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක් වු සිසුවෙකි.

මෘත ශරීරය මහියංගන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News