නුවරඑළියට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාලයක්

Share

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ විද්‍යුත් ජාතික හැදුනුම්පත් කාර්යයාලයක් නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ ඉදි කිරිම් කටයුතු වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහාතා විසින් ගොඩනැගිල්ලේ ඉදි කිරිම් කටයුතු අද(15) ආරම්භ කරනු ලැබුහ.

නුවරඑළිය හාවාඑළිය ලේඩ් මැක්ලම් මාවතේ ඉදි කෙරෙණ විද්‍යුත් ජාතික් හැදුනුම්පත් කාර්යයාලය සඳහා අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යංශයෙන් රු. මිලියන 154.4 ක ප්‍රතිපාදන ලබා දි ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ ජාතික හැදුනුම්පත් ව්‍යපෘතියට සමගාමිව ඉදි කෙරෙන පස්වන ප්‍රාදේශිය කාර්යයාලය මෙය බව අමාත්‍යය නවින් දිසානායක මහතා කියා සිටියි.

මෙවැනි කාර්යයාල හතරක් කුරුණැගල, මඩකලපුව, වව්නියාව සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාපනය කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මෙම කාර්යයාලය තුළින් එක්දින සේවාව හැර ජාතික හැදුනුම්පත් ලබා ගැනිම්, ජාතික හැදුනුම්පත් අලුත් කර ගැනිමේ කටයුතු ප්‍රධාන කාර්යයාලය සමඟ වී.පි.එන් තාක්ෂණය ඔස්සේ අනෙකුත් සියලූම කටයුතු මෙම ප්‍රාදේශිය කාර්යයාලය විවෘත කිරිමෙන් පසු සිදු කරගත හැකි බවත්, මෙවැනි කාර්යයාල පිහිටුවිම තුලින් සේවාදායකයින්ට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යයලයට පිවිසිමට අවශ්‍යතාවයක් නොවන බව එම දෙපාර්තුමේන්තුවේ නිලධාරිනියක් කියා සිටියේය.

ප්‍රාදේශිය කාර්යයාලයේ ගොඩනැඟිල්ල ඉදි කිරිමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම වන කේ කේ පියදාය, මයිල්වාගනම් තිලකරාජ්, නුවරඑළිය මහ නගර සභාවේ පුරපති චන්දනලාල් කරුණාරත්න, තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර යන මහතුන්, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ නිලධාරින් සහ එම අමාත්‍යංශයේ නිලධාරින් රැසක් සහභාගි විය.

Read more

Local News