ගුරුවරු ලෙඩ වෙයි

Share

අද(18) සහ හෙට(19) යන දිනවල ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විමට ගුරු සංගම් තීරණය කර ඇත.

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවයි සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස් ද සේරම් මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා ගුරු සංගම් 27ක් සහයෝගය ලබා නොදෙන බව වාර්තා වෙයි.

Read more

Local News