දේශපාලනඥයින් ජනතාවට ආදර්ශමත් විය යුතුයි

Share

දේශපාලනඥයින් විසින් ජනතාවට ඉහළ සිට පහළට ආදර්ශය ලබා දිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

මොරටුව ප්‍රදේශයේ පැවති උත්වසයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය තුළ වාණිජ යන කොටස තුළ වෙනදාටත් වඩා සංකීර්ණ තත්ත්වයක ඇති අමාත්‍යාංශයක් බවට වර්තමානයේ පත්ව ඇතැයි ද පතිරණ මහතා කියා සිටියේය.

එයට හේතු ගණනාවක් ඇති බවත්, ලංකාවේ අමාත්‍යාංශයක් සතුව ඇති වැඩිම රාජ්‍ය ආයතන ගණන නියෝජනය කරන්නේ මෙය බව ද පැවසු වැඩබලන අමාත්‍යවරයා, අපේ අමාත්‍යාංශයේ නම ලියන්න කොළයක පේළි තුන හමාරක්වත් යන බවද පැවසීය.

ලංකාවේ දිගම නම තියෙන අමාත්‍යාංශය මෙය බව ද පැවසු බුද්ධික පතිරණ මහතා, ඡාවාරම්කාර බහුජාතික සමාගම්වලට මම නම් නැමෙන්න කැමති බව ද කියා සිටියේය.

රටේ ජනතාව සුදානමින් ඇත්තේ දේශපාලඥයෝ ආදර්ශය ඉහළින් ලබා දෙනවා නම් යනුවෙන් පැවසු බුද්ධික පතිරණ මහතා, අවාසනාවට දේශපාලඥයෝ ආදර්ශය පහලින් උඩට එන තුරු බලා සිටින බව ද පැවසීය.

නමුත් ආදර්ශය දිය යුත්තේ ඉහළ සිට පහලට බවත් එසේ කැප වෙන දේශපාලඥයින් සිටිනම් නිසැකයෙන්ම රට ගොඩ නඟන්න ජනතාව එක්වන බව ද පතිරණ මහතා කියා සිටියේය.

Read more

Local News