A/L හා ශිෂ්‍යත්ව උපකාරක පන්ති තහනම් දින ගැන නිවේදනයක්

28

2019 උසස්පෙළ විභාගයට හා ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති අවසන් කළ යුතු දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව උසස්පෙළ විභාගයේ උපකාරක පන්ති 7/30 දා මධ්‍යම රාත්‍රී 12ටත් ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 7/31දා මධ්‍යම රාත්‍රී 12ටත් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම නීති කඩකරන පුද්ගලයන් හෝ ආයතන වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.