නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදී පරිසර ආරක්ෂණ බලපත්‍රයක් අවශ්‍යයි

Share

නව කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේදි කර්මාන්තකරුවන් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පරිසර දුෂණය වැළැක්වීම හා පාලනය කිරීම, පරිසරයට මුදා හරිනු ලබන ද්‍රව්‍ය මඟින් පරිසර දුෂණ පාලනය අවම කිරීම සහ පරිසර දුෂණය අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායන් හඳුන්වාදීම පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරිමේ අරමුණු වෙයි.

ඒ අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමෙන් තොරව කිසිඳු අයෙකුට කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාම නීතියට පටහැනි බව මධ්‍යම පරිසර අධිකාරීය සඳහන් කරයි.

පරිසර ආරක්ෂණ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල වෙතින් ලබා ගත හැකිය.

Read more

Local News