බඩඉරිඟු කිලෝවකට පවතින මිල රු. 5 කින් ඉහළට

Share

දේශීය බඩ ඉරිඟු ගොවියා සරු කිරීම උදෙසා දැනට බඩඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර තන්තිරිමලය බෝගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉදිරියේදී මුන් ඇට මුං ඇට කව්පි හා කුරක්කන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.,

“අපි දැන් මේ සැරේ බඩ ඉරිඟු වගාවට අතහිත දීලා තියෙනවා .

අපි දැන් බඩ ඉරිඟු වගා කරන අයට ලක්ෂයක් වියදම් වුනොත් හැටදාහක් නිකන් දෙන්න ලෑස්තියි.

ඒ වගේ පවුල් තුන්දාහක් තෝරගෙන තියෙනවා.බඩ ඉරිඟු පිටරටින් ගේන එකත් අපි නවත්තන්න තමයි උත්සාහ කරන්නේ .

බඩ ඉරිඟු වලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා දැන් බඩ ඉරිඟු මිල 45 යි මම ඒක රුපියල් 50 දක්වා වැඩි කරනවා.මං බලනවා ඊළඟ මාස් කන්නයේ තුළ රුපියල් පනහක් කරන්න.

පාන් පිටි මිල වැඩි කිරීම සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී ජනතාවට කරුණු ඉදිරිපත් කළේ ය.

මම දැක්කා ඊයේ පෙරේදා පත්තර වල තිබුන පාන් පිටි මිල වැඩියි කියලා.

නොදන්වාම පාන් පිටි මිල වැඩි කරලා. ජීවන වියදම් කමිටුවේ සභාපති වරයා මම ඒ වැඩි කරපු සමාගම් වලට මම වහාම දැනුම් දුන්නා පාන් පිටි මිල අඩු කරන්න කියලා.

මොකද බඩු මිල වැඩි කරනවා කරනවා නම් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය තියෙන්න ඕන.ඒ අවසරයකින් තොරව තමයි පෞද්ගලික සමාගම් පාන් පිටි මිල වැඩි කරල තියෙන්නෙ ඉස්සෙල්ල දවසෙ වැඩිවන පාන් පිටි මිල හදිසියේම අඩු වුණේ අපි කරපු දැනුම් දීමත් එක්ක අපේ අනුමැතිය නැතිව කිසිසේත්ම වැඩි කරන්න බෑ.

අපි අලුතෙන් වී වර්ගයක් හඳුන්වලා දෙනවා ඒකට ගතවෙන්නේ දින අසුවයි. වියළි කලාපයේ ප්‍රදේශවලට වගේම වව්නියාව, මඩකලපුව, අම්පාර, මොනරාගල ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ඒවා වගා කරන්න කියලා අපි නිර්දේශ කරනවා.

බතලේගොඩ වී පර්යේෂණ ආයතනයට ගියාට පස්සේ තමයි මම මේ ගැන හරි තීරණයක් ගත්තේ ඒ අනුව ඉදිරියේ දී අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශ වලට ඒ දින අසුව වී වර්ගය ලබා දෙන්න මං කටයුතු කරනවා.

ඉදිරියේදී මුන් ඇට මුං ඇට කව්පි හා කුරක්කන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමූවා ”

367 දෙමටමල් ගම තුලාව බෝගොඩ හන්දියේ සිට කිවුලේකඩ දක්වා කිලෝමීටර් දෙකහමාරක මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 500ක මුදලක් වැය කරනු ලබයි.

Read more

Local News