ඔස්ට්‍රේලියානු හා එංගලන්ත අළු බදුන අවසන් තරගය අද

Share

ඔස්ට්‍රේලියානු සහ එංගලන්ත කාන්තා අළු බදුන ක්‍රිකට් තරගාවලියේ ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 199ක් ලබා සිටියේය.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 420ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන්නේය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම කඩුලු 4ක් අතැතිව ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුණු 221ක් පිටුපසින් පසුවෙයි.

Read more

Local News