ග්ලෝරි ටු ගෝ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීම අවසන් අදියරේ

Share

මුහුදු රළට හසුවී පසුගියදා රූමස්සල කඳු පාමුළට පාවී ආ ග්ලෝරි ටු ගෝ නෞකාවේ ඉන්ධන පිටතට ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවති.

මේ හේතුවෙන් සමුද්‍රීය දූෂණය වැළැක්වීමේ පනත අනුව නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගන්නා ලෙස නැව් ඒජන්තවරයා දැනුවත් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නියෝජ්‍ය සමාන්‍යාධීකාරී ජගත් ගුණසේකර මහතා පැවසුවේ මේ වන විට වෙරළ තිරයේ තිබේන ටැංකි වෙත තෙල් පොම්ප කිරීම සිදු කරන බවයි.

මේ වන විට තෙල් මෙට්‍රික් ටොන් 12ක් වැනි ප්‍රමාණයක මේ වන විට නෞකාවෙන් ඉවතට ගෙන ඇති බවද ඒ මහතා පවසයි.

එහිදි අදහස් දැක්වු , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (බස්නාහිර කලාපය භාර ඩබ්.ඒ.ඒ.ඩී.යූ. ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ නෞකාව අනතුරට පත් වී ඇති ස්ථානය අභය භූමි ප්‍රදේශයක් බවයි.

විශේෂයෙන්ම බොනවිස්ටා නැමැති කොරල් පරයද එම ස්ථානයේ පවතින බැවින් කඩිනමින් මෙම නෞකාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි.

නමුත් මේ වන තෙක් මතුපිටින් එවැනි හනීයක් සිදු වි ඇති බව නොපෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News