පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති කළ දේවල් මෙන්න

Share

පාස්කු ප්‍රහාරයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ ජනාධිපතිවරයා ලෙස විශාල වැඩ කොටසක් සිදු කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(23) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

දින කිපයක් තුළදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවත් තවදුරටත් අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව මහලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අතර ජානධිපතිවරයා විසින් විශාල ආරක්ෂක පියවර කිහිපයක් ගත් බවත් පසුගිය පාස්කු ඉරිදාවෙන් පසු මාස තුනක් තුළ රට තුළ කිසිදු සිදුවීමක් සිදු නොවු බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසු විනාශයට පත් වූ දේවස්ථාන සියල්ල යළි ගොඩනැගීම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සිදු කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News