ගම්පෙරළිය ප්‍රචාරය කරන්න කෝටි 49ක් වෙන් කරලා

Share

නුදුරේදී බිහිවන තම ආණ්ඩුවක් යටතේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි නියෝජිතයින් ඊයේ (23) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩුව රජයේ මුදල් විශාල ලෙස අවභාවිත කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටින බවයි.

ඊයේ විපක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් . පීරිස් මහතා පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්දයෙන් රජය දැන සිටි බවත් මේ වන විට සිදු වන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවද ඒ මහතා පැවසීය.

එහිද අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ගම්පෙරළිය වැඩසටහණේ ප්‍රචාරණ කටයුතු සඳහා කොටි 49ක් වෙන් කර ගෙන ඇති බවයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සඳහා රුපියල් බිලියන 200ක් වෙන් කර ගෙන ඇති බවද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

මෙය විශාල මුදල් අයතා පරිහණයක් බවද බන්දුල මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධය හමුවේදි අදහස් දැක්වු පක්ෂ පරිපාලක ලේකම් රේණුක පෙරේරා මහතා පැවසුවේ අමාත්‍යංශ වල වියදමින් අමාත්‍යවරු සිය ප්‍රචාරණ කටයුතු සිදු කරන බවයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රෙස්න මහතා පැවසුවේ අගෝස්තු මස 11වනදාට සිය පක්ෂයේ අපේක්ෂකයා පිලිබඳ කරුණූ ඉදිරිපත් කරන බවයි.

එහිදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණයකට පිලිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පැවසුවේ තම පක්ෂයේ කිසිදු සමාජිකයෙක් එක්සත් ජාතික පක්ෂයට නොයන බවයි.

Read more

Local News