බෞද්ධ ආගම මන්දීර කරා යාමට පාළමක් කර ගන්නේ නෑ – සජිත්

Share

ජනතාව නිවැරදි තීරණයක් ගතහොත් වසර තුනක් තුළ දහම් අධ්‍යාපනය ලබා දිම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ දහම් අධ්‍යාපනය ලබන සියලු දරුවන්ට දහම් පාසල් ඉරු දින දිවා ආහාරයක් ලබා දීමටද තමන් කටයුතු කරන බවයි.

එමෙන්ම දහම්පාසල් ගුරු සහතිකයට රාජ්‍ය සම්මුඛ පරීක්ෂණයකදී විශේෂීත වු ලකුණු ප්‍රමාණයක් ලබා දීමටද කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

චෛත්‍ය 1125ක් සහ දහම්පාසල් ශාලා 1000ක් මාස 12ක් ඇතුලත සසුනට පුජා කිරීමට තමන් කටයුතු කරන බවද කිසිම අවස්ථාවකදි බෞද්ධ ආගම මන්දීර කරා යාමට පාළමක් කර නොගන්නා බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News