ආරවුලක් දුර දිග යාමෙන් මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේදී මුගුරකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මංගල උත්සවයක දී බීමත්ව සිටි දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයාට මුගුරකින් පහර දී ඇති බවට වාර්තා වෙයි.

මියගොස් ඇත්තේ මොණරාගල, ගඩොල්බැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකරු සැඟව සිටියදී පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ති‍බේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News