උසස් පෙළ විභාගය අද සිට ආරම්භ වෙයි

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (05) ආරම්භ වේ.

අද දිනයේ සිට ලබන 31 වන දින දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,678කදී පැවැත්වෙන උසස් පෙළ විභාගය සදහා අයදුම්කරුවන් 337,704 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඉන් 74,789 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව සදහන්.

අදින් ආරම්භ වන උසස්පෙළ විභාගය පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය.

එමෙන්ම, විභාග අක්‍රමිකතා සිදුකරන විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News