කටුවාපිටිය නොසන්සුන් වෙයි – කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

Share

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද(06) අළුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මෙම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

මේ අතර මෙම ස්ථානය වෙත අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේය.

එහිදී උන්වහන්සේ විසින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෙහි සිටි සියලු ජනතාවට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කළේය.

පසුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි ජනතාව අමතිමින් කාදිනල් හිමිපාන්න ඉල්ලා සිටියේය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ජනතාව ඉවසීමෙන් කටයුතු කරන ජනතාවක් ලෙස ලෝකයටම ඔප්පු කර පෙන්වූ බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණි  සිටි ජනතාව අමතිමින් සඳහන් කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් කටාන, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ආසන්නයේ සාමකාමි විරෝධතාවක් පවත්වා පැවැත් විය.

අද(06) පෙරවරුවේ මෙම විරෝධතාව සඳහා කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරයෙන් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වූ වි තිබේ.

මේ අතර දේවස්ථානයට යන මාර්ගයේ පිහිටි පිළිරුවකට අද අළුයම කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය

Read more

Local News