ලොව හැම තැනම දුෂිත හා යහපත් මිනිස්සු අතර අරගලයක් තියෙනවා

Share

දූෂීත පුද්ගලයින්ට කිසිදු පක්ෂ පාට භේදයක් නොමැති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

අද(07) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ(06) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීම ජනතාව ලද ජයග්‍රණයක් බවයි.

ලෝකයේ හැම තැනකම නපුරු නරක දුෂිත මිනිස්සු සහ යහපත් මිනිස්සුයි අතර අරගලයක් ඇති බවත් එම අරගලයේ තාවකාලික පරාජයන් ලැබුනද එහෙත් යහපත් දේ ජය ගන්නා බව  කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

Read more

Local News