අගෝස්තු 11 පොහොට්ටුවේ සම්මේලනය නම් කළ අයට විතරයි

Share

එළැඹෙන අගෝස්තු 11 වන දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම් කරන ලද පිරිසකට පමණක් බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පක්ෂ ව්‍යවස්ථාව අනුව නිල වශයෙන් කැඳවිය යුතු අනිවාර්යෙන් පිරිසකට පමණක් එම අවස්ථාවට සහභාගී විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එදිනට සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ නිල ව‍‍‍‍‍ශයෙන් පක්ෂ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම හා ඒ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම පිළිබඳව අනෙකුත් පක්ෂ තුළින් ගැටලුකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක ප්‍රථමයෙන් පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සිදුවන බවත් ඒ මහතා සිහිපත් කර සිටියේය.

Read more

Local News