විදේශ ගත ශ්‍රමිකයින්ට රන් පියාපත් සෙවන අරඹයි

Share

විදේශ ගත ශ්‍රමිකයින් සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙනු ලබන සේවාවන් ජනගත කිරීමේ විශේෂ වැඩසටහන “රන් පියාපත්” නමින් අද (08) කාර්යාංශයෙදී ආරම්භ කරන ලදී.

රන් පියාපත් වැඩසටහන විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන්නකි.

කාර්යාංශයේදි අද පැවති මෙම සමාරම්භක වැඩසටහන සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, එම්.එෆ්.තවුෆික් යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

කාර්යාංශය මගින් හරි මගින් රට යන විදේශ ගත ශ්‍රමිකයින් වෙත ලබාදෙනු ලබන ස්වයං රැකියා ණය, පාසල් දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව හා ආධාර, රක්ෂණාවරණ හා එතෙර මෙතෙර රැකවරණ වැනි ප්‍රතිලාභ පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් රන් පියාපත් වැඩසටහන ආරම්භ කරන ලදී.

Read more

Local News