වී ගබඩා කිරීමෙන් ගුවන්තොටුපොළට වූ හානිය බලන්න ජනාධිපති කොමිසමේ නිලධාරීන් මත්තලට

Share

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ රැඳවුම් පර්යන්තයේ වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන් තොටුපොළට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා ජනපති කොමිසමේ නිලධාරීන් අද(08) ගුවන් තොටුපලට ගොස් තිබේ.

2015/2018 වංචා දුෂණ විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරින් හා තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මත්තල ගුවන්තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තය තුළ 2015 සැප්තැම්බර් 02 දින වී ගබඩා කිරීම සිදුකල අතර ඒ සඳහා මහජන නියෝජතයින්ගේ මෙන්ම ජනතාවගේ විරෝධතාවයක්ද එල්ල විය.

කෙසේ නමුත් මේ ආකාරයෙන් වී ගබඩා කිරීම හේතුවෙන් ගුවන්බාණ්ඩ පර්යන්තයේ තිබු වායු සමීකරණ පද්ධතියට මෙන්ම විදුලි පද්ධතිය ක්‍රියාත්මක වන උපකරණ මෙන්ම ගුවන් භාණ්ඩ බහාලුම්වලදී භාවිතයට ගනු ලබන උපකරණ සඳහා හානි ඇති වී ඇති බව ජනාධිපති කොමිසමේ නිලධාරියෙකු කියා සිටියේය.

එම නිසා එසේ සිදුවූ හානිය තක්සේරු කිරීම මෙම පරීක්ෂණය මඟින් සිදු කෙරෙනු ඇත.

Read more

Local News