කජු පොතු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරක

Share

එරාවුර් සිට තලවකැලේ ලිදුල දක්වා කජු පොතු ටොන් 15 ක් ප්‍රවාහනය කල ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි කන්දක හැපි හරහා පෙරලි අනතුරක් සිදු වි ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

අද(09) උදැසන 9.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කාර්බෙක් වත්ත ප්‍රදේශයේදිය.

අධික බැවුම් සහිත රදැල්ල කෙටි මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංගු ක්‍රියා විරහිත වීම නිසා ලොරි රථය ඉදිරියට ඇදි ගොස් කන්දේ හැපී මෙම අනතුර සිදු වු බව ලොරි රථයේ රියදුරු පවසා ඇත.

ලොරි රථය තිරිංගු ක්‍රියා විරහිත වි ඉදිරියට ධාවනය වන අවස්තාවේ ලොරි රථයේ රිය සහයකයා ලොරි රථයෙන් පැන ඇති අතර අනතුරින් රිය සහයකාට සහ රියදුරාට සුළු තුවාල සිදු වි ඇත.

අනතුරට පත් ලොරි රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලිම හේතුවෙන් ලොරි රථය අනතුර පත් ස්ථානයේ මාර්ගය එක් මංතිරුවකට සිමා කර ඇත.

අනතුර පිලිබදව නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News