ශ්‍රී ලංකන් ගුවන් ගමන් 11 වනදා දක්වා අත්හිටුවයි

Share

දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වන ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත.

දැනට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස 11 වැනිදා සවස 3.00 දක්වා කොචින් ගුවන් තොටුපළේ සියලුම ගුවන් මෙහෙයුම් වසා දැමීමට කටයුතු කරන බව කොචින් ගුවන්තොටුපල අධිකාරිය නිවේදනය කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ බටහිර ප්‍රාන්ත 04 ක් වන කේරළ, කර්නාටක, මහාරාෂ්ටා සහ ගුජරාට් යන ප්‍රාන්තවලට රතු අනතුරු ඇඟවීමක් දැනටමත් නිකුත් කර තිබේ.

මගීන්ට ඇති වූ අපහසුතාවය පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය සමාව අයැද සිටින අතර, ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට වෙන්ඩ්රාම් සහ කොයිම්බතූර් හරහා තම ගුවන් සංචාරක කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

වැඩි විස්තර ඔබේ සංචාරක නියෝජිතයා මඟින්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොචින් නගර කාර්යාල දුරකතන අංකය +914842362042 සහ පැය 24 පුරා විවෘත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සම්බන්ධතා මධ්‍යස්ථාන දුරකතන අංකය +94117771979 ඇමතීමෙන් ලබාගත හැක.

Read more

Local News