බලශක්තිය නිෂ්පාදනය කිරීම වගේම අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි – අමාත්‍ය අජිත් පී. පෙරේරා

Share

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසුවේ,

මෙය සතුටුදායක අයවැයක්. අයවැය සමඟ සුබ ආරංචියක් ලැබෙනවා. විදුලි බල පද්ධතියේ ප්‍රධාන හිමිකාරත්වය දරන ලංකා විදුලි බල මණ්ඩලයට පිච් රේටීන් ආයතනය මඟින් ”ත්‍රිබල් ඒ” ලබාදි තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ආයතනයක් ලබාගත් ඉහළම ශ්‍රේණිය. ලංකා විදුලි බල මණ්ඩලය රටේ ස්ථාවර ඉහළ ශ්‍රේණියක් ලබාගෙන තිබෙනවා. සියලු සේවකයන්ට මම ස්තූතිය ප්‍රකාශ කරනවා. ආපදා අවස්ථාවේ දී කැපවීමෙන් කටයුතු කරන සියලු සේවකයන්ට ගෞරවය පිරිනමනවා.

මේ රටේ විදුලි අර්බුදයක් තිබෙනවා කියනවා. මේ රටේ විදුලි උත්පාදනයට රේගු බදු, වැනි ඉතාම බරපතල බදු ප්‍රමාණයක් ගෙවනවා. පාඩු ලබනවා කියන බොහෝ දෙනා, හැම ඩීසල් ලීටරයකටම රජයට ගෙවනවා කියන එක අමතක කරනවා. විදුලි බිල වැඩි නොකර පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයේ ජයග්‍රහණ රාශියක් ලබාගෙන තිබෙනවා. සාම්පූර් හී මෙ.වො 500 බලාගාරයක් සැලසුම් කරලා, ටෙන්ඩර් කරන්න පත්තරේ පිටුත් වෙන් කළාට පස්සේ රජය දැනුම් දුන්නා නතර කරන්න. මේ රටට ඉක්මනින් විදුලි බලය ලබාදීමේ වගකීමයි ඉටු කළේ. එය රජයේ තීරණයක්. නැවත එකඟතාවක් ඇති වී තිබෙනවා. බලශක්ති මූලාශ්‍ර සියල්ල එකතු කර ඉදිරියට යන්න පුළුවන් කියලා.

අපේ රටට ඇති බලශක්ති මූලාශ්‍ර අතරින් සූර්යබලය පිළිබඳ කරුණ ඉතා වැදගත්. අලුත් පුනර්ජීවනයක් ඇතිවී තිබෙනවා මේ ක්ෂේත්‍රයේ. සුළං බලය ඉතාම වැදගත්. ගල් අඟුරු ව්‍යාපාරය එදා පෞද්ගලික ව්‍යාපාරයක් බවට පත්කරගත්තා. අපි ඉදිරිපත් කළ ගල් අඟුරු ටෙන්ඩරයකට නඩුවක්වත් වැටිලා නෑ. අපි සාධාරණව කටයුතු කළා.ටෙන්ඩර් පටිපාටිය රට තුළ විනිවිදභාවයෙන් කටයුතු කළා. බලශක්ති ඉල්ලුම සියයට 5%කින් වැඩි වෙනවා. බලශක්තිය නිෂ්පාදනය කිරීම වගේම අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි. ඉදිරිකාලයේ එල් ඊ ඩී බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරනවා. සූරබල ක්ෂේත්‍රයේ ප්‍රමිති 17ක් ගැසට් කර තිබෙනවා. පුනර්ජනනීය ක්ෂේත්‍රයේ බදු බොහොමයක් අඩු කර තිබෙනවා. ඉතාම ඉක්මනින් විදුලි බස් විදුලි කාර්වලට මාරු විය යුතුයි” යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News