පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක මුදල් කොල්ලකයි – අයෙක් මරුට

Share

පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලකට ඊයේ (10) රාත්‍රීයේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි පොම්පකරුට වෙඩි තබා ඝාතනය කර ඔහු සතුව තිබු මුදල් රැගෙන පලා ගොස් ඇත.

මුදල් කොල්ල කෑම සඳහා අද අලුයම 12.15ට පමණ අදාළ ඉන්ධන පිරවුම්හල වෙත යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි අයෙකි.

වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොල්ගහවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Read more

Local News