ජනපති යළි දිවයිනට

Share

කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

අද (11) අලුයම 12.55ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට ළඟා වු බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේය.

කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර සබදතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් එරට රජමුතමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 07 වන දින කාම්බෝජය බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලාංකික ජනාධිපතිවරයෙකු කාම්බෝජයේ රාජ්‍ය සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ.

මෙම සංචාරය තුළ දී ජනාධිපතිවරයා කාම්බෝජියා රජු මෙන්ම කාම්බෝජියා අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා ඇතුලු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ද  ද්වී පාර්වශික සාකච්ඡා පවත්වනු ලැබුවේය.

ඉදිරියේ දී කාම්බෝජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් ආරම්භ කිරීමට යෝජනා වී ඇති අතර එම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් කොන්සල්වරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් ද මෙම සංචාරයේ දී අවධානය යොමුව තිබේ.

Read more

Local News